Saturday, February 19, 2011

සිකුරු හතේ

වන බබරෙකුද නොවේ 
නිල මෑස්සෙකුද නොවේ
 දෙදුන්නේ පාට පාට ඔබේ තොල් පෙතිවලට වහලා රොන් ගන්නට පොරකන මන් 
සමනලයා මන් සමනලයා 

 වෑලි මිරිකා මන් වතුරත් ගන්නම් 
උඩ පෑනලා තරු අතින් කඩන්නම් 
හද බිම දා ෆුට් බොල් ගහන්නම් 
හිනා යන්න බඩ පිනුම් ගහන්නම්   

අශ්වයා නෑති කව් බොයි වගේ 
ඔටුවා නෑති සුල්තාන් වගේ 
ඔබ නෑති නම් ජිවිතය මගේ 
කාලා ඉවර කිරි කට්ටි වගේ

Friday, February 18, 2011

ප්‍රේමයේ අභිමන්.


වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
හැඩුදා කදුලයි දකින්නේ සිනහවේ සරදම්...........//
_ _ _
ඉවුරු දැලේ හිද බැලු විට ගග හැඩයි කදිමයි.......
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....
_ _ _
වියෝ වු පසුවයි දැනෙන්නේ.....
_ _ _
හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්......
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...
_ _ _
වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...
හැඩුදා කදුලයි දකින්නේ සිනහවේ සරදම්.........../
සුර්යාගේ රශ්මිය වුවත්
එයින් දැවෙන්නෙ පොලව
ආදරය කලේ අපි දෙන්නා වුනාට
දුක්‌ විදින්නේ හ..ද..ව..ත

හැඩට දිගට වවලා අනේ කොන්ඩේ බැන්දට..
ඇගට හිරට අන්ඩ දාපු ඩෙනිම ඇන්දට...
තිතට විදල කනට කරාබුවක් දැම්මට...
ඉදල හිටල තරුන කමට පිස්සු න‍ටුවට....
කොල්ලො නරක නෑ....
...කියන තරම් කොල්ලො නරක නෑ.....
"rooms available" පුවරු ගැල වේවා!!!!!!
"box ticket" පත් අප රටින් දුරු වේවා!!!!!!
ඇඟට නොවෙයි සුවඳට පෙම උපදීවා!!!!!!!!!
වන බඹරුන් සැම සමනළයින් වේවා.!!!!!!!


නාරි පානියට කොල්ලන් නොම අහු වේවා!!!!!!
හීන මවා පැන යන්නට බැරි වේවා!!!!!!!!!!!!!
boot සිතට නොව කකුලට සීමා වේවා!!!!!!!
ක්ලියෝ පැට්රලා හැම සීතාවන් වේවා....!!!!!!!!!!!


heart එකේ ඉඩ එකෙකුට පමණක් වේවා!!!!!!!!!
real ලවට ආසිරි මල් පිබිදේවා!!!!!!!!
සිත් තුල රැඳුන දුක් පිනිමෙන් වියැකේවා!!!!!!!!
වේලෙන අපිට හොඳ කෙල්ලන් හමු වේවා!!!!!!!!!!

නැති වෙන්න දෙයක් නෑ


නැති වෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
නැති උනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ
මා පැතුව එකම වස්තුව ඔබ තමයි ලදේ
ඒ හිමිකම මට අහිමි කරේ ඇයි සසරේ



ඔබ ගැන හිතේ තිබු ආශාවන් බොහොමයි 
එක සෙවනක ඉන්න පැතූ පැතුම් සොදුරුයි
මේ ලොව මා දුටු සදරජිනිය ඔබම තමයි
මා අදුරේ තනිකර ගියේ සදයි 

එක සොදුරුවසන්තෙක හමු වුවා මතකයි 
මගේ සිහින මැදුරු නිම කෙරුවේ ඔබ නිසයි 
ඒ සිහින ඉතින් සුළගේ මුසුවී ඉවරයි 
නැතිවෙන්න තවත් ඇත්තේ මගේ ජීවිතයයි

ඔබ හිමි නැතත්

අද මට සමුදී වෙන්ව ගියත් ඔබ 
වෙන සුරතක පැටලී ,,,,,
ඔබට පිදු පෙම තවමත් එලෙසයි 
නෑ කිසි අඩුවක් වී ..........

ප්‍රේමය සුන්දර කවියක් බව නම්
ඔබගෙන් හැදින්නෙමී,,,,,
ඒ කවි පද පෙළ අවසන් කෙරුමට
මා හට වරම් නැති ..........

අවසන් කවි පද හිස්තැන් පුරවා
ඈ තුරුලේ දැවටී,,,,,
ඉනුමැන සතුටින් ඉවත හෙලා දුක
ඔබ හට සුබ පතමී .
.